― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsවසර ගණනාවක සිය බහාලුම් 89ක් වරාය ගබඩාවල හිරවෙලා

වසර ගණනාවක සිය බහාලුම් 89ක් වරාය ගබඩාවල හිරවෙලා

ශ්‍රී ලංකාවට ආනයනය කර රේගුව රඳවාගත් භාණ්ඩ සහ බහාලුම් 88 ක් පමණ වසර ගණනාවක් තිස්සේ වරායේ පර්යන්තවල සහ ගුදම් තුළ ස්ථානගත කර ඇති බවත් එම භාණ්ඩලවල වටිනාකම රුපියල් කෝටි 500 ඉක්මවන බවත් වරාය අධිකාරිය පවසයි.

එම බහාලුම් සඳහා කිසිදු වරාය ගාස්තුවක් අයකර ගැනීමට නොහැකි වී ඇති බවත් මේ හේතුවෙන් වරාය අධිකාරියට විශාල මුල්‍ය පාඩුවක් මෙන්ම ගුදම් සහ පර්යන්තවල ඉඩ ඇහිරීම හේතුවෙන් විශාල පරිපාලනමය ගැටලුවකට මුහුණදීමට සිදුව ඇති බවත් වරාය අධිකාරිය කියයි.

මෙම භාණ්ඩ අතර 2015 වසරේදී රඳවා ගත් පුවක් බහාලුම් 12 ක්, 2019 වසරේ දී රඳවාගත් බාස්මතී සහල් බහාලුම් 39 ක්, 2020 වසරේ රඳවාගත් ටයිල් බහාලුම් 15 ක්, 2013 වසරේ රඳවාගත් වාහන අමතර කොටස් බහාලුම් 5 ක්, 2019 වසරේ රඳවාගත් රෙදිපිළි ලිපි බහාලුම් 4ක්, 2020 සහ 2021 වසරවල රඳවාගත් මත්පැන් හා එතනෝල් බහාලුම් 4 ක් ද වන බවත් එම බහාලුම්වලින් අවම වශයෙන් බිම් ගාස්තු වශයෙන් රුපියල් කෝටි 245 ක මුදලක් වරාය ධිකාරියට අයවිය යුතු බවත් වරාය අධිකාරිය සඳහන් කරයි.

2015 වසරේ රඳවාගත් බෙන්ස් හා රේන්ජ් රෝවර් රථ 02 ක් ඇතුළු මෝටර් රථ සහ ලොරි රථ 40 ක් පමණ වරාය අධිකාරියේ පර්යන්තවල දිරාපත් වන බව ද කියන වරාය අධිකාරිය වරාය අධිකාරියට ගුදම් ගාස්තු වශයෙන්, රේගුව උපයාගත් මුදලින් අයකරගැනීමට නීතියෙන් ඉඩකඩ නොමැති බැවින් දිරාපත් වෙමින් තිබෙන භාණ්ඩ ඇතුළු බහාලු 88 සතියක් ඇතුළත ඉවත් කිරීමට කටයුතු කරන ලෙස වරාය හා නාවික අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා උපදෙස් දී තිබේ.

අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවකදී මෙම බහලුම් පිළිබඳව හෙළි වී තිබේ.

රේගු ආඥා පනතට අනුව කටයුතු කිරීමේදී මෙවැනි ප්‍රමාදයන් ඇති වන්නේ යැයි එම සාකච්ඡාවට සහභාගි වූ රේගු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පෙන්වා දී තිබේ.

යල් පැනගිය රේගු ආඥාපනත පනත සංශෝධනය කර කාලීන අවශ්‍යතාවයට අනුව කාර්යක්ෂම නිෂ්කාශන ක්‍රියාවලියක් සිදුකර ගැනීමට අවශ්‍ය පරිදි ආඥාපනත සංශෝධනය කිරීමට වරාය හා රේගුවේ නිලධාරීන් එක්ව කටයුතු කළයුතු බව මෙහිදී අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසා තිබේ.

#lankadeepa