30 C
Colombo
Saturday, October 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldසැප්තැම්බර් වනවිට ශ්‍රී ලංකාව ණය ගෙවයි - බංග්ලාදේශ රජය

සැප්තැම්බර් වනවිට ශ්‍රී ලංකාව ණය ගෙවයි – බංග්ලාදේශ රජය

ශ්‍රී ලංකාව බංග්ලාදේශයෙන් ලබාගත් ණය මුදල නුදුරේදීම තම රටට ලැබෙතැයි අපේක්ෂා කරන බව බංග්ලාදේශ විදේශ අමාත්‍ය අබ්දුල් මොමන් පවසයි.

ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය යම් මට්ටමකින් ස්ථාවර වීමේ යහපත් ප්‍රවණතාවක් දිස්වීම හේතුවෙන් ණය ගෙවීමේ හැකියාවක් ශ්‍රී ලංකාව සතුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

2021 මැයි මාසයේදී ශ්‍රී ලංකා බංග්ලාදේශයෙන් මෙම ණය මුදල ලබාගත් අතර මෙරට ආර්ථික අර්බුදය සැලකිල්ලට ගෙන ලබාගත් ණය ගෙවීමට තවත් මාස හයක කාලයක් ලබාදෙන ලෙසයි පසුගිය ජනවාරි මස මැද භාගයේදී ශ්‍රී ලංකා රජය විසින් බංග්ලාදේශ රජයෙන් ඉල්ලීමක් කර තිබුණේ.

එම ඉල්ලීම සැලකිල්ලට ගනිමින් බංග්ලාදේශ මහ බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය මෙම ණය මුදල ගෙවීම සඳහා ලබන සැප්තැම්බර් මාසය දක්වා ශ්‍රී ලංකා රජයට කල් ලබා දීමට පියවර ගත්තේය.