― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalඅර්බුදයට විසඳුම් දෙන පාර්ශවයකට රජය හෝ පරිපාලනය බාරදෙන්න සූදානම්

අර්බුදයට විසඳුම් දෙන පාර්ශවයකට රජය හෝ පරිපාලනය බාරදෙන්න සූදානම්

රට ආර්ථික වශයෙන් අර්බුදකාරී තත්ත්වයක පවතින මේ අවස්ථාවේ දී හුදෙකලා තීන්දු ගැනීම අහිතකර බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා.

රාජ්‍ය පරිපාලන නිලධාරීන්ගේ සංගමය සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ අතර පසුගිය දා (03) පැවති විශේෂ සාකච්ඡාවක දී ඔහු මේ බව සඳහන් කළා. විශේෂයෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ණය හිමි රටවල යෝජනාවන්ට අභියෝගයන් නොවන පරිදි තීන්දු තීරණ ගත යුතු බව අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නා.

ජනප්‍රිය තීන්දු ගැනීම වෙනුවට රටේ ඉදිරිය ගැන සිතා වැදගත් තීන්දු ගැනීම, මේ අවස්ථාවේ රජයේ වගකීම බව පවසන අමාත්‍යවරයා මැතිවරණ වේදිකාව තුළ ඇතැමුන් රටේ අර්බුද විහිළුවට ගෙන තිබීම කණගාටුවට කරුණක් බව සඳහන් කළා.

පවතින ආර්ථික අර්බුදය විසඳීම සඳහා කිසියම් පාර්ශ්වයක් වැඩපිළිවෙළක් ඉදිරිපත් කරන්නේ නම් ඔවුන්ට රජය හෝ පරිපාලනය භාරදීමට සූදානම් බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.

මේ අතර විශේෂයෙන් බදු ගෙවීම පැහැර හැර ඇති බදු දැලට හසුකර ගත නොහැකි පිරිස හඳුනා ගැනීම සඳහා ප්‍රාදේශීය පරිපාලන ඒකක සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අතර සම්බන්ධීකරණය නිර්මාණය කළ යුතු බවයි රාජ්‍ය පරිපාලන නිලධාරීන්ගේ සංගමය එහිදී පවසා සිටියේ.

ඊට සිය සහයෝගය ලබාදෙන බව ද එම සංගමයේ සාමාජිකයන් එහිදී ප්‍රකාශ කර සිටියා.