31.1 C
Colombo
Tuesday, April 28, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsව්‍යාජ රබර් මුද්‍රා තොගයක් ඇල්පිටියෙන් හමුවෙයි

ව්‍යාජ රබර් මුද්‍රා තොගයක් ඇල්පිටියෙන් හමුවෙයි

ඇල්පිටියේ ගොඩනැගිල්ලක් තුළ තිබී රාජ්‍ය නිලධාරීන් භාවිත කරන මුද්‍රාවලට සමාන ව්‍යාජ මුද්‍රා තොගයක් පොලීසිය සොයා ගෙන තිබේ.

මෙම ව්‍යාජ මුද්‍රා තොගය හමු වී ඇත්තේ ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ජල පොම්පාගාර ගොඩනැගිල්ලේ කාමරයක් තුළ තිබියදීයි.

පොලීසියට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කර ඇති අතර එහිදී දිවයිනේ විවිධ පැසල්වල විදුහල්පතිවරුන්, නීතිඥවරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන්, පොලිස් නිලධාරීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසකගේ නිල මුද්‍රාවලට සමාන මුද්‍රා පොලීසිය විසින් සොයා ගෙන තිබේ.

මෙම සිද්ධියට සම්බන්ධ සැකකරු පළා ගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීමට විමර්ශන ක්‍රියාත්මකයි.