2023 වර්ෂයේ කොරියානු භාෂා පරීක්ෂණය සදහා විභාග අයදුම්පත් නිකුත් කිරීම 2023.02.13 වන දින සිට 2023.02.22 වන දින දක්වා සිදු කිරීමට කටයුතු සුදානම් කර ඇති අතර එම ක්‍රියාවලියට පහසුකම් සැලසීම උදෙසා පමණක් එම විභාග අපේක්ෂිතයින්ගේ තොරතුරු පුර්ව ලියාපදිංචියකට ලක් කිරිම මගින් ලබාගැනීමට කාර්යාංශය විසින් තීරණය කර ඇත.
එබැවින් ඔබගේ පහත සදහන් තොරතුරු ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ (www.slbfe.lk) වෙබ් අඩවියට පිවිස Registration of Details prior to obtain Korean Admissions- 2023 වෙත ගොස් නිවැරදිව ඇතුළත් කරන්න. මෙම පුර්ව ලියාපදිංචිය විභාග අයදුම්පතක් ලබාගැනීමට අනිවාර්යය වන අතර 2023.02.04 වන දින සිට 2023.02.07 වන දින මධ්‍යම රාත්‍රි 12.00 දක්වා පමණක් විවෘතව පවතියි.
මේ සඳහා අවුරුදු 18-39ත් අතර පුද්ගලයින්ට (1983.02.14 සිට 2005.02.13 උපන් අයට) අයදුම් කළ හැකි අතර වර්ණ අන්ධතාවය නොමැති, සිරගතවීමක් හෝ බරපතල වැරදිවලට වැරදිකරුවෙකු වී නොමැති, කොඳු ඇට පෙලේ ආබාධ සහිත, ඇගිලි අඩු හෝ ඉවත් කර නොමැති පුද්ගලයින් හා දකුණු කොරියාව මගින් පිටුවහල් කළ බවට පෙර වාර්තා නොමැති වසර 5 ට අධික කාලයක් දකුණු කොරියාවේ සේවය කර නොමැති පුද්ගලයින් විය යුතුය.
විභාග ප්‍රවේෂපත්‍ර ලබාගැනීම සදහා අයදුම්පත්‍රය, විදේශ ගමන් බලපත්‍රයේ ස්කෑන් පිටපතක්, මාස 3ක් ඇතුළත ලබාගත් සුදු පැහැති පසුබිම සහිත ඡායාරූපයක ස්කෑන් කළ පිටපතක් අවශ්‍ය වේ.
නිෂ්පාදන ක්ෂේත්රයේ රැකියා සඳහා කොරියානු භාෂා ප්‍රවිණතා විභාගය ලබන මාර්තු 13 දින සිට අගෝස්තු 30 දක්වා පැවැත්වෙන අතර, ධීවර ක්ෂේත්රයේ රැකියා සඳහා අවශ්‍ය භාෂා ප්‍රවීණතා විභාගය ලබන සැප්තැම්බර් 1 වැනි සිට නොවැම්බර් 30 දින දක්වා පරිගණක ආශ්‍රිතව, පන්නිපිටිය කොරියානු පරිගණක ආශ්රිත විභාග මධ්‍යස්ථානයේදී පැවැත්වේ.