26.7 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsගල් අඟුරු වෙනුවට හයිඩ්‍රජන් භාවිතා කිරීමට රජය උත්සාහ කරනවා - රුවන් විජයවර්ධන

ගල් අඟුරු වෙනුවට හයිඩ්‍රජන් භාවිතා කිරීමට රජය උත්සාහ කරනවා – රුවන් විජයවර්ධන

ගල් අඟුරු වෙනුවට හයිඩ්‍රජන් භාවිත කිරීමට රජය උත්සාහ කරන බව දේශගුණ විපර්යාස පිළිබඳ ජනාධිපති උපදේශක රුවන් විජයවර්ධන මහතා පැවසීය.

ඉදිරි වසර වලදී ගල් අඟුරු බල ශක්තියෙන් ඉවත් වීමට රජය සැලසුම් කර තිබෙන බවද විජයවර්ධන මහතා කීය.

ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ ඔස්ට්‍රේලියා මහ කොමසාරිස් පෝල් ස්ටීවන්ස් (Paul Stephens) දෙවන ලේකම් ලාරා ස්වෙඉන්සන් (Lara Sveinsson), දෙවන ලේකම් සොෆී ගෝර්ඩන් (Sophie Gordon) සහ දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති උපදේශක ගරු රුවන් විජයවර්ධන මහතා අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණු අතර එහිදී විජයවර්ධන මහතා මේ බව සඳහන් කළේය.

ලංකාවෙි දේශගුණික විපර්යාස ලේකම් කාර්යාලයක් ඉක්මනින් පිහිටුවීම සහ දේශගුණික විපර්යාස විශ්ව විද්‍යාලය පිහිටුවීමේ කටයුතු කෙරෙහි ද සාකච්ඡා කෙරිණි.