31 C
Colombo
Thursday, March 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalමෙරට සේවා කාලය නිමකළ බල්ගේරියානු තානාපතිනිය ජනපති හමුවෙයි

මෙරට සේවා කාලය නිමකළ බල්ගේරියානු තානාපතිනිය ජනපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ බල්ගේරියානු තානාපතිනි එලේනෝරා ඩිමිට්‍රෝවා ( Eleonora Dimitrova) මහත්මිය මෙරට සේවා කාලය නිම කර සිය රට බලා නික්ම යැමට පෙර ඊයේ (06) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු විය.

එලේනෝරා මහත්මිය සමඟ සුහද කථා බහක නිරත වූ ජනාධිපතිවරයා ඇය ශ්‍රී ලංකාව වෙනුවෙන් ලබාදුන් සේවාව ඇගයීමට ලක් කරමින් ඉදිරි කටයුතු වෙනුවෙන් ද සුභාශිංසන එක් කළේය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉදිරියේ දී ද ලබාදිය හැකි සෑම සහායක්ම ලබා දෙන බව එලේනෝරා මහත්මිය එහිදී සඳහන් කළාය.