27 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsවියදම් අඩු කරන්න පොදු ප්‍රවාහනයට බැස්ස ක්‍රීඩා ඇමති

වියදම් අඩු කරන්න පොදු ප්‍රවාහනයට බැස්ස ක්‍රීඩා ඇමති

ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ අද (07) උදෑසන පොඩි මැණිකේ දුම්රියෙන් කොළඹ සිට මහනුවර බලා යාමට ගමන් ආරම්භ කළා.

මහනුවර – පල්ලෙකැලේදී අද (07) පැවැත්වෙන මධ්‍යම පළාත් ක්‍රීඩා හා තරුණ කටයුතු ඒකාබද්ධ ප්‍රවේශ වැඩසටහනට එක්වීම සඳහා අමාත්‍යවරයා මෙලෙස කොළඹ කොටුවේ සිට මහනුවර බලා දුම්රියෙන් පිටත්ව ගිය බවයි වාර්තා වුණේ.

රජයේ වියදම් අවම කිරීමට කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා ලබා දී ඇති උපදෙස් අනුව, තම අමාත්‍යංශයේ කටයුතු වලදී ගමන් වියදම් සඳහා වැය කෙරෙන මුදල අවම කරගැනීමට සිය ගමන් සඳහා මෙලෙස පොදු ප්‍රවාහන සේවාව භාවිත කිරීමට අමාත්‍යවරයා තීරණය කර තිබෙනවා.

මෙම ගමන සඳහා ජාතික ක්‍රීඩා සභාවේ සභාපති අර්ජුන රණතුංග ද එක්ව සිටියා.