29 C
Colombo
Monday, September 29, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldසුන්බුන් අතර සිරව සිටි පාපන්දු තරුව නිරුපද්‍රිතව බේරා ගැනේ

සුන්බුන් අතර සිරව සිටි පාපන්දු තරුව නිරුපද්‍රිතව බේරා ගැනේ

තුර්කියේ සිදුවූ භූමිකම්පාවෙන් පසු සුන්බුන් අතර සිරව සිටි ඝානා පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියන් අට්සු නිරුපද්‍රිතව මුදා ගැනීමට හැකිව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ක්‍රිස්ටියන් අට්සු සොයා ගන්නා අවස්ථාවේ දී ඔහුගේ දකුණු පාදයට තුවාල සිදුව ඇති අතර හුස්ම ගැනීමේ අපහසුතාවයකින්ද පෙළුණු බවයි වාර්තා වුණේ.

ඝානා ජාතික මැදපෙළ ක්‍රීඩකකු වන මොහු පසුගිය ගිම්හානයේ දී තුර්කි සුපර් ලීග් සමාජයක් වන හටායිස්පර් ක්‍ර්‍රිඩා සමාජය හා සමඟ ක්‍රීඩා කටයුතු ආරම්භ කරනු ලැබුවා. භූමිකම්පාවෙන් පසු ඔහුගේ නව කණ්ඩායමේ සාමාජිකයින් කිහිප දෙනෙකු ද සුන්බුන් අතර සිරව ඇති අතර ඔවුන් සුන්බුන් අතරින් මුදා ගැනීමට හැකි වූ බවයි විදෙස් වාර්තා ඊයේ සඳහන් කර තිබුණේ.