29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsහෙට වෛද්‍යවරුන්ගේ වැඩ වර්ජනයක්

හෙට වෛද්‍යවරුන්ගේ වැඩ වර්ජනයක්

දිවයින පුරා සිටින සියලුම වෛද්‍යවරුන් හෙට (08) දිනයේ සිය පෞද්ගලික අංශයේ සේවයෙන් ඉවත් වන බව රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය නිවේදනය කරයි.

සංගමයේ ලේකම් හරිත අලුත්ගේ පැවසුවේ අසාධාරණ බදු ප්‍රතිපත්තියට රජය මෙතෙක් කිසිදු විසඳුමක් ලබා නොදීම සම්බන්ධයෙන් විරෝධය පළ කිරීම සඳහා එම සංගමය මෙම ක්‍රියාමාර්ගය ගන්නා බවයි.

මේ සඳහා පෞද්ගලික අංශයේ සේවය කරන සියලුම වෛද්‍යවරුන් සහභාගී වන බවත්, ඒ සඳහා සියලුම වෛද්‍ය වෘත්තිකයන්ගේ සංගම් සහයෝගය පළ කර ඇති බවත් ඔහු පැවසීය.