32.2 C
Colombo
Wednesday, April 29, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsයතුරුපැදි අනතුරකින් අයෙක් ජීවිතක්ෂයට

යතුරුපැදි අනතුරකින් අයෙක් ජීවිතක්ෂයට

අනුරාධපුර, පාදෙණිය මාර්ගයේ මීගස් හන්දිය අසලදී යතුරුපැදි අනතුරක් සිදුව තිබෙනවා.

ඊයේ (06) රාත්‍රියේ පාදෙණිය සිට අනුරාධපුරය දෙසට ධාවනය වූ යතුරුපැදියක්, කාර්මික දෝෂයක් හේතුවෙන් මාර්ගය අයිනේ නවතා තිබූ ලොරි රථයක පිටුපස ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරුපැදිකරු ගල්ගමුව රෝහලට ඇතුළත් කිරීමේ දී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඔහු වයස අවුරුදු 23ක ගල්ගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මෘත ශරීරය ගල්ගමුව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා. අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ගල්ගමුව පොලිසිය විසින් ක්‍රියාත්මකයි.