― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalඅපි ෆෙඩරල් ක්‍රමය අරගෙන තමා පස්ස බලන්නේ

අපි ෆෙඩරල් ක්‍රමය අරගෙන තමා පස්ස බලන්නේ

13 වන සංශෝධනය ගෙන ඒම යහපත් නමුත් එයින් තමන්ගේ ප්‍රශ්නවලට එය විසඳුමක් නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී. විග්නේෂ්වරන් පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ අද මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

අපේ දේවල් කරන්න බැරි ඇයි? මම මහ ඇමති හැටියට ඒවා ඔක්කෝම දැක්කා. කොහොම ද මධ්‍යම ආණ්ඩුව අපිව වැඩකරන්න බැරි තත්ත්වයට අරන් ආවේ කියලා. ඒ නිසා ෆෙඩරල් ක්‍රමයක් ගැන අපි අහනවා. නමුත් 13 වන සංශෝධනයෙන් දැනට තියෙන තත්ත්වය ට ඒක සම්පූර්ණයෙන් ඉෂ්ට කරන එක හොඳයි කියලයි මම කියන්නේ. අනිත් ඒවා ඔක්කෝම මම හොඳට බලාගෙන හිටියා ඒවා හොඳයි එයා කරන්න ඉන්න ඒවා. යනකොට මගෙත් එක්ක කතා කරලයි ජනාධිපතිතුමා ගියේ. පාර්ලිමේන්තුව ඇතුළේ එයාට කිව්වා පොරොන්දු භාගයක් විතර ඉෂ්ට කරලා කියලා තමා පේන්නේ කියලා. ඉඳලා බලමු කිව්වා එයා කොයිතරමට ඒක ඉෂ්ට කරනවා ද ? කියලා. මම ඒවා පිළිගන්නවා. එයාගේ කතාව හොඳයි.

ඒගොල්ලෝ පොරොන්දු වෙච්ච එක ඇත්ත. ඒ පොරොන්දු ඉෂ්ට කරන්න ඉන්නේ කියන එකත් ඇත්ත. ඒත් මැද මොනවා වෙයි ද කියලා අපි දන්නේ නෑ… අද වෙනකල් වෙලා තියන්නේ එහෙම තමා. කොයි ආණ්ඩුවෙන් දෙයක් කරත් විරුද්ධ පක්ෂය ඇවිත් මොනවා හරි කරනවා. රනිල් වික්‍රමසිංහ මහත්තයා 2001 දී චන්ද්‍රිකා මැඩම් ගෙනාව එකට විරුද්ධ වෙලා ව්‍යවස්ථාන ඉරලා ගිනිතිබ්බා පාර්ලිමේන්තුව ඇතුළේ. එක එක්කෙනා ඒකට විරුද්ධව කරනවා අන්තිමේ දී අපිට මුකුත් ලැබෙන්නේ නෑ. නමුත් දැනට දෙනවා කියලා තියෙනවා. අපි ඒක පිළිගන්නවා. අපි ෆෙඩරල් ක්‍රමය අරගෙන තමා පස්ස බලන්නේ.