27.2 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට නොමිලේ තරඟ නරඹන්න අවස්ථාවක්

ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට නොමිලේ තරඟ නරඹන්න අවස්ථාවක්

සංචාරක එංගලන්ත ලයන්ස් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ පැවැත්වෙන ඉතිරි තරග සියල්ලම කිසිදු මුදලක් අය කිරීමකින් තොරව නොමිලේ නැරඹීමේ අවස්ථාව ‌ක්‍රීඩා ලෝලීන්ට උදාකර දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව ඊයේ (07) සිට 10 වැනිදා දක්වා ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවැනි නිල නොවන සිව්දින ටෙස්ට් තරගයත් කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය නොමිලේ නැරඹීමට ක්‍රීඩා ලෝලීන්ට අවස්ථාව උදාවනු ඇති.

එක්දින තරග තුන මේ මස 15, 18 සහ 21 යන දිනවල කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත් වීමටයි සැලසුම් කර ඇත්තේ.

ශ්‍රී ලංකා ඒ සහ එංගලන්ත ලයන්ස් කණ්ඩායම් අතර පැවැති පළමු සිව්දින ටෙස්ට් තරගය ජයපැරදුමින් තොරව නිමාවට පත්වුණා.