― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeWorldතුර්කි භූ කම්පනයෙන් මියගිය ගණන 7700 ඉක්මවයි

තුර්කි භූ කම්පනයෙන් මියගිය ගණන 7700 ඉක්මවයි

තුර්කියේ ගිනිකොණ දිග ප්‍රදේශයට බලපෑ ප්‍රභල භූ කම්පනයෙන් මියගිය පුද්ගලයින් ගණන 7,700 ඉක්මවා තිබෙනවා. ඉන් විපතට පත්වූවන් මුදා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මැග්නටියුට් ඒකක 7 යි 8 ක ප්‍රභලත්වයෙන් සිදුවූ පළමු භූ කම්පනයෙන් පසු සියයකට අධික පසු කම්පන ප්‍රමාණයක් එම කලාපය තුළ සිදුව ඇති අතර ශීත කාලගුණ තත්ත්වය හේතුවෙන් මුදාගැනීමේ මෙහෙයුම් සඳහා බාධා එල්ලවී ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.

තුර්කියේ ක්‍රියාත්මක ගලවා ගැනීමේ මෙහෙයුම් සඳහා 12,000 කට අධික පිරිසක් එක්ව සිටින අතර 9,000 ක පමණ හමුදා භට පිරිසක්ද එම මෙහෙයුම් සඳහා යොදවා තිබෙනවා.

සුන්බුන් අතර සිරවී සිටින පුද්ගලයින් කිහිපදෙනෙකු තමන් ගලවා ගන්නා ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ පණිවුඩ යොමුකර තිබෙන බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා.

එලෙස සුන්බුන් අතර සිරවී සිටින එක් පුද්ගලයෙකු ඉන්ස්ටර්ග්‍රෑම් ඔස්සේ පළ කර ඇති වීඩියෝවක්ද මේ වන විට අන්තර්ජාලයේ දැක්වෙනවා. තමන් රැදී සිටින ස්ථානයේ ලිපිනය ඇතුලු තොරතුරු දන්වමින් ඔහු ඉල්ලා ඇත්තේ සිය ජීවිතය බේරාගන්නා ලෙසයි.

මේ අතර රටවල් 70 කින් පමණ ගලවා ගැනීමේ කණ්ඩායම්, උපකරණ සහ ආධාර විපතට පත් ප්‍රදේශවල ජනතාව වෙත දැනටමත් ලබාදී ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙනවා.