32.2 C
Colombo
Monday, February 2, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalපොලිස් වෙස් ගෙන නාත්තණ්ඩියේ නිවසක් කොල්ල කාලා

පොලිස් වෙස් ගෙන නාත්තණ්ඩියේ නිවසක් කොල්ල කාලා

පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටිමින් ඉඩම් හිමි වැවිලිකරුවකුගේ නිවසට කඩා වැදී ඔහුට පිහියකින් ඇන තුවාල සිදුකර රුපියල් ලක්ෂ 10 ක් වටිනා රන් භාණ්ඩ සහ ජංගම දුරකථන දෙකක් කොල්ල කා ඇති බව මාරවිල මූලස්ථාන පොලීසිය පවසයි.

නාත්තණ්ඩිය දුන්කන්නාව ප්‍රදේශයේ පිහිටි ඉඩම් හිමි වැවිලිකරුවකුගේ නිවසකුයි මෙලස බිඳ ඇත්තේ. තුවාල ලැබූ ඉඩම් හිමි වැවිලිකරු මාරවිල රෝහලට ඇතුළත් කර තිබේ.

පානදුර වලාන දූෂණ මර්ධන ප්‍රහාරක බළකාය පොලිස් කණ්ඩායමක් ලෙස පෙනී සිටිමින් මෙම කණ්ඩායම ඉඩම් හිමි වැවිලිකරුගේ නිවසට කඩා වැදී මුලින්ම ඔහුගේ එක් පාදයකට පිහියෙන් ඇන තුවාල සිදුකර මෙම කොල්ලකෑම සිදුකර ඇතැයි පොලිස් ආරංචිමාර්ග පවසයි.

සැකකරුවන් සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තොරතුරක් පොලිසියට ලැබී නොමැත.