29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeWorldයුක්‍රේන ජනපති හදිසියේම බ්‍රිතාන්‍යයට - අගමැතිත් හමුවෙයි

යුක්‍රේන ජනපති හදිසියේම බ්‍රිතාන්‍යයට – අගමැතිත් හමුවෙයි

යුක්‍රේන ජනාධිපති ව්ලැදිමීර් සෙලෙන්ස්කි බ්‍රිතාන්‍යය බලා පිටත්ව ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

යුක්‍රේන ජනාධිපතිවරයා බ්‍රිතාන්‍ය රාජකීය ගුවන් හමුදාවට අයත් C17 වර්ගයේ ගුවන් යානයකින් උතුරු ලන්ඩනයේ ස්ටෑන්ස් ස්ටෙඩ් ගුවන්තොටුපොළ වෙත පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීමෙන් අනතුරුව යුක්‍රේන ජනාධිපතිවරයා පළමු වරට යුක්‍රේනයෙන් පිටතට පැමිණි පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයකි.

එමෙන්ම සෙලෙන්ස්කි ජනාධිපති ධුරයට පත් වීමෙන් අනතුරුව බ්‍රිතාන්‍යයේ සිදු කරන පළමු නිල සංචාරයද මෙය වීම තවත් විශේෂත්වයකි. මෙම හදිසි කෙටි සංචාරයේදී යුක්‍රේන ජනාධිපතිවරයා ලන්ඩනයේ බකින්හැම් මාලිගයේදී බ්‍රිතාන්‍යයේ දෙවැනි චාර්ල්ස් රජු මුණ ගැසීමටත් සැලසුම් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඔහුගේ මෙම හදිසි සංචාරයේදී බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව ඇමතීමටත් නියමිතව ඇති අතර සෙලෙන්ස්කි, බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් සහ හිටපු අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් හමු වී තිබේ.