26.7 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalරිය අනතුරකින් මාස 09ක බිළිඳෙක් ජීවිතක්ෂයට

රිය අනතුරකින් මාස 09ක බිළිඳෙක් ජීවිතක්ෂයට

කුරුණෑගල වැව රවුම ප්‍රදේශයේ ඊයේ සවස සිදු වූ රිය අනතුරකින් මාස 09 ක් වයසැති බිළිඳෙකු මියගොස් තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ යන්තම්පලාව සිට බමුණුගෙදර දෙසට ධාවනය වූ ත්‍රිරෝද රථයක් රියදුරුට පාලනය කර ගත නොහැකිවීම හේතුවෙන් දුරකතන රැහැන් කණුවක ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි.

අනතුරින් තුවාල ලැබූ ත්‍රිරෝද රථයේ රියදුරු සහ එහි ගමන් ගත් තවත් 4 දෙනෙකු කුරුණෑගල රෝහලට ඇතුළත් කර තිබුණා.

ඒ අතර සිටි තුවාල ලැබූ මාස 09ක දරුවෙකු රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ. සිද්ධිය සම්බන්ධයෙන් කුරුණෑගල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.