― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeWorldඕස්ට්‍රේලියාව චීනයේ නිෂ්පාදිත CCTV කැමරා ඉවත් කිරීමට සැරසෙයි

ඕස්ට්‍රේලියාව චීනයේ නිෂ්පාදිත CCTV කැමරා ඉවත් කිරීමට සැරසෙයි

ඕස්ට්‍රේලියාව සිය ආරක්ෂක ස්ථානවල සවි කර ඇති චීනයේ නිෂ්පාදික නිරීක්ෂණ කැමරා ඉවත් කිරීමට සැරසෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් මතු වූ බියක් හේතුවෙන් චීනයේ නිෂ්පාදිත නිරීක්ෂණ කැමරා උපකරණ අදාල ස්ථාන වලින් මෙලෙස ඉවත් කිරීමට සැරසෙන බව වාර්තාවෙනවා.

ඕස්ට්‍රේලියානු රජයට අයත් භූමි භාගයන් 900ක චීනයේ Hikvision සහ Dahua සමාගම විසින් මෙම කැමරා පද්ධති ස්ථාපනය කර ඇතැයි වාර්තා වන්නේ.

මේ හා සමාන ම පියවරක් පසුගිය වසරේ දී අනුගමනය කළ එක්සත් රාජධානිය සහ එක්සත් ජනපදය ඊට හේතු ලෙස දැක් වූයේ, මෙම කැමරා පද්ධතිවල අන්තර්ගත දත්ත උපාංග වලට විනයට ප්‍රවේශ වීමේ යම් හැකියාවක් පවතින බවයි.

Hikvision සමාගම මෙ සමිබන්ධයෙන් පවසන්නේ එම බිය පදනම් විරහිත එකක් බවක් වන නමුත් Dahua මේ වන තුරු අදාල තීරණය සමිබන්ධයෙන් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැහැ.

ඕස්ට්‍රේලියානු රජයේ වෙබ් අඩවි වාර්තාවන්ට අනුව ඕස්ට්‍රේලියාවේ විදේශ කටයුතු අමාත්‍යංශය සහ නිතිපති දෙපාර්තමේන්තු ඇතුළුව සෑම දෙපාර්තමේන්තුවක ම පාහේ මේ ආකාරයෙන් චීනයේ කැමරා පද්ධති සවි කොට ඇතැයි වාර්තා වන්නේ.

අදාල තීරණය සමිබන්ධයෙන් ඕස්ට්‍රේලියානු ආරක්ෂක අමාත්‍ය සහ නියෝජ්‍ය අගමැති රිචඞ් මාල්ස් අද (09) කියා සිටියේ, “සම්පූර්ණයෙන්ම ආරක්‍ෂිත” පසුබිමක් නිර්මාණය කිරීම් සඳහා රජය විසින් මෙම තීරණය ගෙන ඇති බවයි.

කෙසේ නමුත් නිතිපති මාර්ක් ඩ්‍රෙෆස් පැවසුවේ රජ්ජේ අනෙකුත් ගොඩනැගිලිවල කැමරා ඉවත් කිරීමට අවශ්‍ය දැයි රය සමාලෝචනය කරමින් පවතින බවයි.