27.2 C
Colombo
Friday, August 8, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldතුර්කි භූ කම්පනයෙන් මියගිය ගණන 15,000 ඉක්මවයි

තුර්කි භූ කම්පනයෙන් මියගිය ගණන 15,000 ඉක්මවයි

තුර්කියට සහ සිරියාවට බලපෑ භූ කම්පනය හේතුවෙන් ‍මේ වන විට පුද්ගලයින් 15,000කට අධික පිරිසක් ජිවීතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ අතර භූ කම්පාවෙන් විනාශයට පත් වු ප්‍රදේශවල නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමින් එරට ජනාධිපති රිසෙප් ටයිප් අර්ඩන් පවසා ඇත්තේ තුර්කියට බලපෑ භූ කම්පන තත්ත්වයෙන් සිදු වූ විනාශය අවම කිරීමට රජයේ යම් දුර්වලතාවන් බලපෑ බවයි.

කෙසේනමුත් එරට විපක්ෂය චෝදනා කරන්නේ අදාළ ව්‍යසනයේ වගකීම ජනාධිපතිවරයා විසින් භාරගත යුතු බවය.

අදාළ චෝදනාව ප්‍රතික්ෂේප කරමින් ජනාධිපති රිසෙප් අර්ඩන් පවසන්නේ ඇතැමුන් පවතින තත්ත්වය හමුවේ දේශපාලන වාසි උදෙසා විවිධ ප්‍රකාශ සිදුකරමින් සිටින බවය.