― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeWorldතුර්කි භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව තවත් ඉහළට

තුර්කි භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව තවත් ඉහළට

තුර්කියේ සහ සිරියාවේ භූමිකම්පාවලින් මියගිය ගණන 17,000 ඉක්මවා ගොස් තිබෙනවා.

මීට පෙර 1999 වසරේ තුර්කියට බලපෑ ප්‍රබල භූ කම්පනයෙන් ජීවිත 17000ක් අහිමි වූ අතර මෙවර එම සංඛ්‍යාව ඉක්මවා තවත් මරණ දහස් ගණනක් වාර්තා වනු ඇති බවයි සහන කණ්ඩායම් පෙන්වා දෙන්නේ.

1999 දී තුර්කියේ ඇති වූ මේ හා සමාන ප්‍රබල භූමිකම්පාවකින් 17,000 කට වැඩි පිරිසක් මිය ගිය පසු එම කලාපයට බලපෑම් කළ දැවැන්තම ස්වාභාවික ව්‍යසනය මෙය ලෙසට සටහන් වනවා.

මේ වන විට පුද්ගලයින් 28,000 කට වැඩි පිරිසක් බේරා ගෙන ඇති බව සඳහන්.

තුර්කියේ මරණ සංඛ්‍යාව අද උදෑසන වන විට 14,014 දක්වා ඉහළ ගියා.

වසර 12කට ආසන්න සිවිල් යුද්ධයකින් දැනටමත් විනාශ වී ඇති සිරියාවේ, රජය සහ වයඹදිග කැරලිකරුවන්ගේ ගලවා ගැනීමේ සේවා වාර්තාවලට අනුව, 3,000 කට වැඩි පිරිසක් මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මිලියන 13ක පමණ ජනතාවක් වෙසෙන තුර්කියේ භූමිකම්පා සිදු වූ කලාපයේ ගොඩනැගිලි 6,500ක් පමණ කඩා වැටී ඇති අතර ගණන් කළ නොහැකි තරම් හානි සිදුව ඇති බවයි බලධාරීන් පවසන්නේ.

නවාතැන්, ජලය, ඉන්ධන හෝ විදුලිය නොමැති වීම හේතුවෙන් දිවි ගලවා ගත් බොහෝ දෙනෙකුට ජීවිත අහිමි වනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය සැක පළ කරනවා.

භූමිකම්පාවට වඩා වැඩි පිරිසකට හානියක් විය හැකි ද්විතියික ව්‍යසනයක් ඇතිවීමේ අවදානමක් එමගින් පවතින බවටයි ඔවුන් අනතුරු අඟවන්නේ.