27 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsPoliticalමේක තමයි රනිල්ගේ අන්තිම නිදහස් සැමරුම - වසන්ත සමරසිංහ

මේක තමයි රනිල්ගේ අන්තිම නිදහස් සැමරුම – වසන්ත සමරසිංහ

මෙවර සමරනු ලැබුවේ රනිල් රාජපක්ෂලා එක් වී සමරනු ලැබූ අවසන් නිදහස් සැමරුම බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ පවසයි.

හෙතෙම මේ බව ප්‍රකාශ කළේ කහටගස්ගිලිය මහවැව කොට්ඨාසය කාර්යාලය විවෘත කිරිමේ අවස්ථාවට සහභාගි වෙමිනි.

රටේ සල්ලි නෑ කිය කියා රනිල් ජාතික උත්සහයට වියදම් කළා. 4 වෙනිදා ආවා නිදහස් සමරන්න. නිදහස සැමරුව පැය දෙකට වැසිකිලිවලට විතරක් එක්කෝටි හැට හත්ලක්ෂයයි. රනිල්⁣ගේ හෘද සාක්ෂිය දන්නවා රනිල් වැරදි කියලා. ඒ නිසා තමයි අර නිදහස් උත්සහය මෙහෙයවපු ආරක්ෂක නිලධාරියා පෙළපාලිය පටන් ගන්න අවසර දෙන්න කියලා. ජනාධිපතිවරයා ළඟට ඇවිත් අවසර ගන්න වෙලාවේ, අතේ තිබුන අවියට බය උනා. ඒ වෙලාවේ රනිලාට හිතෙන්න ඇති නිළධාරියා කොටයිද දන්නේ නෑ කියලා. මොකද රනිල්ගේ හෘද සාක්ෂිය දන්නවා, කරපු වැඩේ සාධාරණ නෑ කියලා. ඒකනේ උත්සවයේ තිබ්බ පැය දෙකට අකුණු සන්නායක හයි කරන්න මෙච්චර වියදම් කළේ. මේ වෙලේ රටේ ජනතාව හෙන ඉල්ලනවා. හෙන ගහයි කියලා බයට, මේ සැමරුවේ රනිල්ලා රාජපක්ෂලා සමරන අවසාන නිදහස. හැත්තෑපස් වසරක් රටේ පාලකයෝ ජනතාව හිර කරගෙන හිටියා, ලබන මාර්තු 9 වැනිදා, රටේ ජනතාව නිදහස් වෙන්න යන්නේ.