27.8 C
Colombo
Saturday, June 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsගෝඨා පත්කළ කොමිසමේ වාර්තාව කුණු බක්කියට

ගෝඨා පත්කළ කොමිසමේ වාර්තාව කුණු බක්කියට

දේශපාලන පළිගැනීම් විමර්ශනය කිරීම සඳහා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පත්කළ කොමිසමේ නිර්දේශ සහ ලේඛන සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග නොගැනීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇති බව නීතිපති සංජය රාජරත්නම් අභියාචනාධිකරණයට ප්‍රකාශ කළා.

එකී නිර්දේශ බල රහිත කරන ලෙස ඉල්ලා ජනාධිපති රනිල් වික්‍රමසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුරකුමාර දිසානායක ඇතුළු පිරිසක් ගොනු කළ පෙත්සම් සලකා බැලූ අවස්ථාවේදීයි නීතිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ.

මෙම පෙත්සම් නිශංක බන්දුල කරුණාරත්න, ඩී. එම්. සමරගොන් සහ ලෆාර් තාහීර් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බලන ලදී.