25.6 C
Colombo
Thursday, September 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldයුක්‍රේන ජනපති චාල්ස් රජු හමුවෙයි

යුක්‍රේන ජනපති චාල්ස් රජු හමුවෙයි

යුක්‍රේන ජනාධිපති ව්ලැදිමීර් සෙලෙන්ස්කි බ්‍රිතාන්‍යයට පැමිණ තිබෙනවා.

රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීමෙන් පසු යුක්‍රේන ජනාධිපතිවරයා සිය මව්බිමෙන් පිටව ගිය දෙවන අවස්ථාව මෙය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

රුසියානු ආක්‍රමණයට එරෙහි ඉදිරි ක්‍රියාමාර්ග සාකච්ඡා කිරීම ඔහුගේ හදිසි සංචාරයේ අරමුණ බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබුනේ. යුක්‍රේන ජනාධිපතිවරයා වෙස්මිනිස්ටර් ශාලාවේදී බ්‍රිතාන්‍යයය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අමතා තිබෙන අතර එහිදී ඔහු පවසා ඇත්තේ ත්‍රස්තවාදයට අනුබල දෙන ඕනෑම අයෙකු එහි වගකීමද භාරගත යුතු බවයි.

රුසියාවට එරෙහි යුද්ධයේදී බ්‍රිතාන්‍ය සිය රටට ලබාදුන් සහය වෙනුවෙන් ස්තූතිවන්ත වන බවද යුක්‍රේන ජනාධිපතිවරයා එහිදී පවසා තිබෙනවා.