27.2 C
Colombo
Sunday, April 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalලක්ෂ 15ක ගංජා වගා කළ දෙදෙනෙක් පොලිස් දැලේ

ලක්ෂ 15ක ගංජා වගා කළ දෙදෙනෙක් පොලිස් දැලේ

තණමල්විල කහකුරුලම්පලැස්ස ප්‍රදේශයේ ගංජා වගා කළ සැකකරුවන් දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තණමල්විල මූලස්ථාන පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදු කර ඇති අතර මෙම ගංජා වගාවේ අඩි 4ක් පමණ උසැති ගංජා පැල 4000ක් වගා කර තිබූ බවයි පොලීසිය පවසන්නේ.

මෙම ගංජා තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 5කට අධික බව පොලිසිය පවසයි.

වැටලීමේදී අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් දෙදෙනා එම ප්‍රදේශයේම පදිංචිකරුවන් බවයි අනාවරණය වී ඇත්තේ. සැකකරුවන් වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

සිද්ධිය සම්බන්ධයෙන් තණමල්විල පොලිස් ස්ථානයේ නිලධාරීන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.