― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsවිදුලි කප්පාදුව දරුණු විය හැකි බවට රතු එළියක්

විදුලි කප්පාදුව දරුණු විය හැකි බවට රතු එළියක්

දැනට තිබෙන ගල්අඟුරු සංචිත ප්‍රමාණවත් වන්නේ ලබන මාර්තු 06 වැනිදා දක්වා පමණක් බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවෝ පවසති.

සැලසුම් කර තිබෙන පරිදි ඉතිරි ගල්අඟුරු නෞකා 21, අප්‍රේල් මසට පෙර ගොඩබාගත නොහැකි වුවහොත් විදුලි කප්පාදුව දරුණු විය හැකි බවටයි ඔවුන් අනතුරු අඟවන්නේ.

එමෙන්ම එලැඹෙන අප්‍රේල් 15 වැනිදාට පෙර මෙම වසරට අවශ්‍ය ගල්අඟුරු නෞකා 21 ක් නොරොච්චෝල, ලක්විජය ගල්අඟුරු බලාගාරයට ලබාගැනීම දැඩි අභියෝගයක් වී ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

විදුලිබල මණ්ඩලය මේ වනවිට දැඩි මූල්‍ය අර්බුදයකට මුහුණ දී ඇති බැවින් මෙරටට පැමිණ තිබෙන 12 වන ගල්අඟුරු නෞකාවට (මෙට්‍රික්‌ ටොන් 60,000) මුදල් ගෙවීමට නොහැකි වී තිබෙනවා. එහෙත් මෙම නෞකාව ඇතුළු තවත් නෞකා හයක් සඳහා සියයට තිහ බැගින් අත්තිකාරම් ගෙවා තිබෙන බවයි ඉංජිනේරුවන් කියා සිටියේ.

මෙරටට පැමිණ තිබෙන නෞකාවේ අඩංගු ගල්අඟුරු ගොඩබාගත නොහැකි වුවහොත් ඒ සඳහා ප්‍රමාද ගාස්තු ගෙවීමට සිදුවන බවයි ගල්අඟුරු සමාගමේ සභාපති ෂෙහාන් සුමනසේකර සඳහන් කළේ.

එක් නැවක් ප්‍රමාද වුවහොත් ඉදිරියේදී මෙරටට පැමිණීමට නියමිත සෙසු නෞකා සඳහාද ප්‍රමාද ගාස්තු ගෙවීමට සිදුවීමේ අවදානමක් මතුවන බවද ඔහු සඳහන් කළා.

මෙම වසරේදී නොරොච්චෝල ගල්අඟුරු බලාගාරය (මෙගාවොට් 900) සඳහා මෙටි්‍රක් ටොන් 60,000 බැගින් වූ ගල්අඟුරු නෞකා වාර 33 ක් ගෙනඒමට සැලසුම් කර තිබෙනවා. දැනට ඉන් ගොඩබා ඇත්තේ නැව්වාර 11 ක්.

දොළොස්වන නෞකාව මෙරටට පැමිණ තිබුණත් ඒ සඳහා ගෙවිය යුතු ඉතිරි සියයට හැත්තෑවක මුදල් ලැබී නැතැයි ද දැනට සංචිත ප්‍රමාණවත් වන්නේ මාර්තු 06 දක්වා පමණකැයි ද ඒ මහතා පැවසුවා.

විදුලිබල මණ්ඩලයට කළ දැනුම්දීමට අනුව ගල්අඟුරු සඳහා ගෙවිය යුතු මුදල් සෙවීමට සාකච්ඡා සිදුවන බවත් දැනට මෙරටට පැමිණ තිබෙන නෞකාව ගොඩබාගෙන මෙම ක්‍රියාවලිය කරගෙන ගියහොත් විදුලි අර්බුදය වළක්වා ගත හැකි බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසුවා.

#asianmirror