26.7 C
Colombo
Thursday, August 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalවියත්මගෙයි කලහකාරී මන්ත්‍රීවරුන්ගෙයි වෙනසක් නෑ - ඇමති කංචන

වියත්මගෙයි කලහකාරී මන්ත්‍රීවරුන්ගෙයි වෙනසක් නෑ – ඇමති කංචන

වියත්මගෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ ආචාර්ය, මහාචාර්ය මන්ත්‍රීවරුන්ගේ හැසිරීම ඊට පෙර තේරී පත්ව කලහකාරී ලෙස හැසිරුණු මන්ත්‍රීවරුන්ගේ හැසීරීම අතර කිසිදු වෙනසක් නොමැති බවට ඊයේ (08) පාර්ලිමේන්තුවේදී පෙන්නුම් කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පැවසීය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (09) පාර්ලිමේන්තුවේ පැවති ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශට පිළිබඳ කල්තැබීමේ විවාදයට එක්වෙමිනි.

විපක්ෂයේ මන්ත්‍රීවරැන් මේ ප්‍රතිපත්ති ප්‍රකාශය වර්ජනය කරලා ගියා. මට මතක් වුණේ දින 52 වෙලාවේ අර්බුදයක් ඇතිවුණා පාර්ලිමේන්තුවේ. එහිදී පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් ගහගත්තා. එහෙම ගහගත්තම එළියේ හිටපු අචාර්ය, මාහාර්යවරැ ටිකක් කිව්වා මේ අය නෙවෙයි පාර්ලිමේන්තුවේ ඉන්න ඕනී, අපි වගේ මහාචාර්යවරු තමයි පාර්ලිමේන්තුවට එන්න ඕනී කියලා කිව්වා. අවාසනාව තමයි ආචාර්ය මහාචාර්යවරුත් ඊයේ පාර්ලිමේන්තුවේ හැසිරුනේ ඒ සමානම ආකාරයට. වියත්මග කියලා පාර්ලිමේන්තුවට ආවා අපේ දිස්ත්‍රික්කවලින් ඉහළම ඡන්ද ප්‍රතිශතයන් අරගෙන. ඊයේ ඔප්පුකරලා පෙන්නුවා කිසිදු වෙනසක් නෑ කියලා.”