― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeWorldතුර්කි භූකම්පනයෙන් යට වී සිටි දරුවෙකු නිරුපද්‍රිතව බේරා ගැනේ

තුර්කි භූකම්පනයෙන් යට වී සිටි දරුවෙකු නිරුපද්‍රිතව බේරා ගැනේ

පසුගිය සඳුදා උදෑසන තුර්කියේ ශිවූ ප්‍රබල භූකම්පනය හේතුවෙන් තුර්කිය හා සිරියාව ඇතුළු රටවල පුද්ගලයින් 21,000කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

භූමිකම්පාවේ අපිකේන්ද්‍රය තුර්කියේ ගාසියාන්ටේප් නගරය ආසන්නයේ පැවති බවයි පර්යේෂකයෝ සඳහන් කරන්නේ.

රිච්ටර් මාපකයේ 7.8ක් ලෙස සටහන් වූ මෙම භූමිකම්පාවෙන් ගොඩනැගිලි කඩා වැටී මුළු රටටම ආපදා තත්ත්වයක් ඇති කළේය.

මෙයින් පසු, සිරියාව, ලෙබනනය, සයිප්‍රසය, ග්‍රීසිය, ජෝර්දානය, ඉරාකය, රුමේනියාව, ජෝර්ජියාව සහ ඊජිප්තුව වැනි අසල්වැසි රටවලට ද පසු කම්පන දැනී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

සිරියාවේ විශේෂයෙන් දරුණු භූමිකම්පාවක් සිදු වූ බවත් ඉන් දහස් ගණනකගේ ජීවිත අහිමි වී ඇති බවත් එරට බලධාරීන් පවසයි. මුදාගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකය.

මෙම තත්ත්වය තුළ සිරියාවේ ගලවා ගැනීමේ බලකායක් වන White Helmets විසින් සිය නිල ට්විටර් පිටුවේ වීඩියෝවක් හුවමාරු කර ඇත.

සිරියාවේ ඉඩ්ලිබ් නගරයෙන් පිටත අර්මසාන් ගම්මානයේ කඩා වැටුණු නිවසකින් පිරිමි ළමයෙකු බේරා ගන්නා අයුරු එහි දැක්වේ. සුන්බුන් අතර පිරිමි ළමයාගේ මුහුණ දිස් වූ අතර සෙබළුන් විසින් දරුවා නිරුපද්‍රිතව බේරා ගෙන තිබේ.

එළියට ගත් පසු මෙම දරුවා එම ස්ථානයේ සිටි ඔහු ගලවාගත් මුදාගැනීමේ කණ්ඩායම සමඟ සතුටින් සෙල්ලම් කරන අයුරු දැක්වෙන වීඩියෝවකුයි ඔවුන් උපුටා දක්වා ඇත්තේ.