27.2 C
Colombo
Tuesday, August 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබොරැල්ල රෝහලේ වකුගඩු ජාවාරම කළ තවත් අයෙක් අල්ලයි

බොරැල්ල රෝහලේ වකුගඩු ජාවාරම කළ තවත් අයෙක් අල්ලයි

දිළිඳු පවුල්වල පුද්ගලයින් රවටා බොරැල්ල පෞද්ගලික රෝහලක සිදුකරගෙන ගිය වකුගඩු ජාවාරම සම්බන්ධයෙන් තවත් පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ තැරැව්කරුවෙකු ලෙස කටයුතු කළ අයෙක් වන අතර, ඔහු කටුනායක ගුවන්තොටුපොළේදී ඊයේ (09) රාත්‍රියේ කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

සැකකරු වයස අවුරුදු 32ක් වන කොළඹ 12 ප්‍රදේශයේ පදිංචි ජංගම දුරකථන අමතර උපාංග අලෙවි කරන අයෙක් බව සඳහන්. මොහු රෝහලේ සේවකයෙකු ලෙස පෙනී සිටිමින් දිළිඳු පුද්ගලයින් රවටා මුදල් ලබාදෙන ලෙස පවසමින් වකුගඩු ලබා ගැනීමේ තැරැව්කරුවෙකු ලෙස කටයුතු කළ අයෙක් බවටයි හඳුනාගෙන ඇත්තේ.

ඩුබායි වෙත යාමට පැමිණි අවස්ථාවේ දී අත්අඩංගුවට ගැනුණු මොහු අද (10) අලුත්කඩේ අංක 02 ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.