25.6 C
Colombo
Thursday, May 28, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපාකිස්ථානයේ ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානි ජනපති හමුවෙයි

පාකිස්ථානයේ ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානි ජනපති හමුවෙයි

තෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි පාකිස්ථානයේ ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානි කමිටුවේ සභාපති ජෙනරාල් සහීර් ෂම්ෂාඩ් මිර්සා (Sahir Shamshad Mirza) අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවී සාකච්ඡා කර තිබෙනවා.

මිත්‍ර රාජ්‍යයන් ලෙස ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර දීර්ඝකාලීන සමීප සබඳතාව සිහිපත් කරමින් ජනාධිපතිවරයා ජෙනරාල් සහීර් ෂම්ෂාඩ් මිර්සා ඇතුළු පිරිස සමඟ සුහද කථා බහකට එක් වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය කියාසිටියේ.

මෙම හමුව සනිටුහන් කරමින් ජෙනරාල් සහීර් ෂම්ෂාඩ් මිර්සා ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත සමරු තිළිණයක් ද පිළිගන්වනු ලැබුවා.