― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeWorldභූ කම්පනයෙන් මියගිය ගණන 21,000 ඉක්මවයි

භූ කම්පනයෙන් මියගිය ගණන 21,000 ඉක්මවයි

තුර්කි භූ කම්පනය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 21,000 ඉක්මවා ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අඉ අතරින් තුර්කියේ 17,000කට වැඩි පිරිසක් සහ සිරියාවේ 3000කට වැඩි පිරිසක් මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර එරට පවතින දැඩි ශීත කාලගුණ තත්ත්වය හේතුවෙන් මුදාගැනීමේ මෙහෙයුම්වලට බාධා එල්ල වී ඇති අතර එරට බලධාරීන් පවසන්නේ පසුගිය සඳුදා සිදුවූ භූ කම්පනය හේතුවෙන් විනාශ වූ ගොඩනැගිලි තුළ තවදුරටත් පුද්ගලයන් සිරවී සිටින බවය.

මේ අතර මුදාගත් පිරිස් වෙතද කුඩාරම්, ආහාර, ජලය සහ සෞඛ්‍ය පහසුකම් ප්‍රමාණවත්ව හිමි නොවීම තුළ තවත් ව්‍යසනයක් සිදුවිය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා තිබේ.