― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsමැතිවරණය වෙනුවෙන් කොමිසමට මිලියන 100ක්

මැතිවරණය වෙනුවෙන් කොමිසමට මිලියන 100ක්

ඉදිරි පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය කටයුතු සිදු කිරීම සඳහා මහා භාණ්ඩාගාරය විසින් මැතිවරණ කොමිෂන් සභාව වෙත රුපියල් මිලියන 100ක මුදලක් ලබාදී තිබෙනවා.

කොමිසම වෙත එම මුදල් ලැබී ඇති බවටයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක තහවුරු කළේ.

මාර්තු 9 වැනිදා සැලසුම් කළ පරිදි මැතිවරණය පැවැත්වීමේ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යමින් සිටින බවද ඔහු ඊයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළා.

මේ අතර මෙවර පළාත් පාලන මැතිවරණයට අදාළව තැපැල් ඡන්ද සලකුණු කිරීම ලබන 22, 23 සහ 24 යන දිනවල සිදු කිරීමට නියමිතයි.

සුදුසුකම් ලත් සියලුම අයදුම්කරුවන්ට මෙම දින තුනේදී තම සේවා ස්ථානවල තැපැල් ඡන්ද සලකුණු කළ හැකි බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක සඳහන් කළා.

එම දින තුනේදී කිසිවකුට හෝ තැපැල් ඡන්දය සලකුණු කිරීමට නොහැකි වුවහොත් මේ මස 28 වැනිදා දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් ඉදිරියේ තැපැල් ඡන්ද සලකුණු කිරීමට ඡන්ද දායකයින්ට හැකියාව ලැබෙනවා.

මේ අතර තැපැල් ඡන්ද අයදුම්පත් 36,000ක් පමණ ප්‍රතික්ෂේප වී ඇති බව ද කොමසාරිස් ජනරාල්වරයා තහවුරු කළා.

මේ අතර පළාත් පාලන මැතිවරණයට අදාළ ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීම පෙබරවාරි 19 වැනිදා ආරම්භ වනවා.

අධිකරණයේ නඩු පැවතිය ද පළාත් පාලන මැතිවරණයට සූදානම් වීමට තමන්ට නීතිමය බාධාවක් නොමැති බවයි සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවේ.

එබැවින් ප්‍රකාශිත පරිදි මාර්තු 9 වැනිදා මැතිවරණය පැවැත්වීම සහතික කිරීමට කොමිසම සහ අනෙකුත් මැතිවරණ මහලේකම් කාර්යාල නිලධාරීන් කටයුතු කරමින් සිටින බවද කියා සිටියා.