― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeWorldචීනය මෝටර් රථ අපනයනයෙන් ජපානයට පමණක් දෙවැනි වෙයි ?

චීනය මෝටර් රථ අපනයනයෙන් ජපානයට පමණක් දෙවැනි වෙයි ?

චීන මෝටර් රථ සම්බන්ධයෙන් විදේශීය වෙලඳපොලවල ඔවුන්ගේ ජනප්‍රියත්වය ඉහළ යන අතර 2022 වසරට සාපේක්ෂව 2023 වසරේදීද චීනයේ මෝටර් වාහන අපනයනය කැපී පෙනෙන ලෙස ඉහළ යනු ඇතැයි එරට වාහන අපනයනකරුවෝ විශ්වාසය පළ කරති.

පසුගිය වසරේ මෝටර් රථ නිෂ්පාදකයින් විසින් වාහන මිලියන 3llක් අපනයනය කර ඇති අතර, එය වසරින් වසර සියයට 544කින් ඉහළ යාමකි. පසුගිය වසරේදී චීන මෝටර් රථ අපනයනය දෙවැනි වන්නේ ජපානයට පමණක් බවද චීන මෝටර් රථ නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි.

චීනයේ විශාලතම SUV සහ පිකප් ට්‍රක් රථ නිෂ්පාදකයා වන Great Wall Motors හි දත්ත බදාදා අනාවරණය කළේ එය ජනවාරි මාසයේදී විදේශයන්හි වාහන 15,998 ක් අලෙවි කර ඇති අතර එය වසරින් වසර සියයට 25.47 කින් වැඩි වී ඇති බවයි.

ලොව ප්‍රකට ආයෝප්කයෙක් වන වැරන් බුෆෙට්ගේ BYD සමාගම පසුගිය මාසයේ වාහන 10,409 අපනයනය කර ඇති අතර එය වසරින් වසර සියයට 578 කින් වැඩි වීමකි.

මෙම වසර මුලදී චීන මෝටර් රථ නිෂ්පාදකයින්ගේ සංගමය ඇස්තමේන්තු කළේ චීනය අවම වශයෙන් මෝටර් වාහන ඒකක මිලියන 373ක්වත් අපනයනය කරනු ඇති බවයි.