25 C
Colombo
Sunday, July 27, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsආදරවන්තයන්ගේ දිනයේදී තම පෙම්වතිය මුණගැසීමට කිලෝමීටර 1200ක් පයින් ආපු පෙම්වතා

ආදරවන්තයන්ගේ දිනයේදී තම පෙම්වතිය මුණගැසීමට කිලෝමීටර 1200ක් පයින් ආපු පෙම්වතා

තායිලන්තයේ නාකොන් නායොක් නගරයේ පදිංචි සුතෙප් මයේවි ප්‍රොම්පිත් නමැත්තෙකු අද (14දා) දිනයට යෙදෙන ආදරවන්තයන්ගේ දිනයේදී සිය පෙම්වතිය මුණගැසීම සඳහා මාසයක කාලයක් පුරා කිලෝමීටර් 1,200ක දුරක් පයින් ඇවිද පැමිණි පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

52 හැවිරිදි වියේ පසුවන සුතෙප් ප්‍රොම්පීත් පසුගිය ජනවාරි 14 වැනිදා සිය උපන් නගරයෙන් මෙම ගමන ආරම්භ කර තිබෙන අතර අද (14) දකුණුදිග තායිලන්තයේ පිහිටි සාතුන් වෙත පැමිණ එහි වෙසෙන සිය පෙම්වතිය වන 56 හැවිරිදි තානාපා යාව්-ඔන් මුණ ගැසීම හා ඇයට විවාහ යෝජනා කිරීම ඔහුගේ මෙම උත්සාහයේ අදහස බවයි පැවසෙන්නේ.

මෙම ගමන ලොව පුරා සිදුවන අපයෝජනයන් සහ කාන්තාවන්ට එරෙහිව සිදුවන ගෘහස්ථ හිංසාවන් පිටුදැකීම සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ අරමුණින් ආරම්භ වූවක් බව ඔහු පවසනවා.