30 C
Colombo
Wednesday, March 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsට්‍රක් රථ රියදුරන් 600කට ලිතුවේනියාවේ රැකියා අවස්ථා

ට්‍රක් රථ රියදුරන් 600කට ලිතුවේනියාවේ රැකියා අවස්ථා

ලිතුවේනියාවේ ප්‍රමුඛ පෙළේ ප්‍රවාහන සේවාවක් ට්‍රක් රථ රියදුරන් 600ක් බඳවා ගැනීමට සැලසුම් කරයි.

තෝරාගත් රියදුරන්ට කඩිනම් පුහුණුවක් ලබාදීමට ලිතුවේනියානු සමාගම අගමැති දිනේෂ් ගුණවර්ධනගේ මැදිහත්වීම ඉල්ලා ඇති බව අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි.

ඊයේ (13) අරලියගහ මන්දිරය්‍රිදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන හමුවූ ලිතුවේනියාවේ Manvesta හි ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ Dana Janerikaite මහත්මිය මෙම ඉල්ලීම කර තිබේ.

ට්‍රක් රථ රියදුරන් 600 ක් බඳවා ගැනීමට සමාගම සැලසුම් කර ඇති නමුත් හොඳ රියදුරු කුසලතා සහ මූලික ඉංග්‍රීසි දැනුම ඇති පුද්ගලයින් 109 දෙනෙකු පමණක් තෝරා ගත හැකි බව ඇය පැවසීය.