― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeWorldතුර්කි භූ කම්පනයෙන් මියගිය ගණන 40,000ට ආසන්නයි

තුර්කි භූ කම්පනයෙන් මියගිය ගණන 40,000ට ආසන්නයි

තුර්කි – සිරියා භූ කම්පනයෙන් මියගිය පිරිස 40,000කට ආසන්න වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මීට සතියකට පෙර තුර්කි – සිරියා දේශසීමාව ආසන්නයේ සිදුවූ භූ කම්පනයෙන් මියගිය ගණන තවදුරටත් ඉහළ යමින් පවතින අතර දෙරටේම මුදාගැනීමේ මෙහෙයුම් මේ වනවිට අවසන් වෙමින් ඇත්තේ සුන්බුන් අතර සිරවී සිටින පුද්ගලයින්ව නිරුපද්‍රිතව මුදාගැනීමට ඇති හැකියාව අවම වීම හේතුවෙනි.

ඒ අනුව භූ කම්පනය සිදුවූ පෙදෙස්වල සුන්බුන් ඉවත් කිරීමට මේ වනවිට බලධාරීන් කටයුතු කරමින් සිටියි.

මේ අතර සහන සේවා කණ්ඩායම්වලට සිරියාවට ඇතුළුවීමට ඉඩ සැලසීමේ අරමුණින් සිරියානු දේශසීමා දෙකක් විවෘත කිරීමට සිරියානු රජය එකඟ වූ බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

ඒ අනුව විවෘත කෙරුණු දේශසීමා මාස තුනක කාලයක් විවෘතව තැබීමට නියමිත බවයි වාර්තා වන්නේ.