31 C
Colombo
Monday, September 29, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsතෝප්පුව පාලමෙන් මා ඔයට පැන්න සිසුවාගේ මළ සිරුර හමුවෙයි

තෝප්පුව පාලමෙන් මා ඔයට පැන්න සිසුවාගේ මළ සිරුර හමුවෙයි

කොච්චිකඩේ – තෝප්පුව පාලමෙන් මා ඔයට පැන අතුරුදන් වූ පාසල් සිසුවාගේ මළ සිරුර අද (14) පස්වරු 2.00ට පමණ සොයාගත් බව කොච්චිකඩේ පොලිසිය සඳහන් කළා.

මෙලෙස සොයාගත් සිසුවාගේ මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා මීගමුව මහ රෝහල වෙත යොමුකළ බවයි කොච්චිකඩේ පොලිස් ස්ථානාධිපතිවරයා සඳහන් කළේ.

17හැවිරිදි මෙම සිසුවාගේ මළ සිරුර ඔහු තෝප්පුව පාලමෙන් මා ඔයට පැන්න ස්ථානයේම ඔය පතුලේ තිබී අද හමුව ඇත්තේ දින තුනකට පසුවයි.

ජංගම දුරකථනයකට හානි කිරීම වෙනුවෙන් ගෙවිය යුතුව තිබූ රුපියල් 10,000ක මුදල ද රැගෙන මෙම සිසුවා නිවසින් පිටව ගොස් ඇත්තේ පෙරේදා (12) දහවල් කාලයේයි.

එලෙස නිවසින් පිටව ගිය සිසුවා තෝප්පුව පාලම මතින් මා ඔයට පැන ඇති බවයි පසුව අනාවරණය වුණේ.

පසුව ඔයට පැන අතුරුදන් වූ සිසුවා සොයා නාවික හමුදා කිමිඳුම් කණ්ඩායමක් සහ පොලිස් නිලධාරීන් එක්ව මෙහෙයුම් ආරම්භ කරනු ලැබුවා.

මෙලෙස සියදිවි නසාගෙන ඇත්තේ කොච්චිකඩේ, මඩම්පැල්ල ප්‍රදේශයේ පදිංචි සිසුවෙක්.