― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsදිනේෂ් ශාෆ්ටර්ගේ ශරීර කොටස් ගැන විශේෂ අධිකරණ නියෝගයක්

දිනේෂ් ශාෆ්ටර්ගේ ශරීර කොටස් ගැන විශේෂ අධිකරණ නියෝගයක්

විමර්ශන කටයුතු සඳහා මරණයට පත් ව්‍යපාරික දිනේෂ් ශාෆ්ටර්ගේ ශරීර කොටස් ලබාගෙන තිබේ නම් ඒවා සුරක්ෂිතව තබා ගන්නා ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට සහ රජයේ රස පරීක්ෂකවරයාට අද (14) නියෝග කළා.

මියගිය දිනේෂ් ශාෆ්ටර්ගේ පවුලේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනූජ ප්‍රේමරත්න කළ ඉල්ලීමකට අනුව අධිකරණට මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.

අධිකරණය හමුවේ කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න දිනේෂ් ශාෆ්ටර් රෝහලට ඇතුළත් කළ අවස්ථාවේදී ඔහු සම්බන්ධයෙන් ස්කෑන් පරීක්ෂණ දෙකක් ඇතුළු ප්‍රතිකාර කටයුතු සිදුකර ඇති බවට කරුණු අනාවරණය වී ඇතැයි සඳහන් කළා.

එම ප්‍රතිකාරවලට සම්බන්ධ සියලු වාර්තා අධිකරණය හමුවට කැඳවීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලීම් කරනු ලැබුවා.

එම ඉල්ලීම පිළිගත් අතිරේක මහේස්ත්‍රාත්වරිය මියගිය දිනේෂ් ශාෆ්ටර් සම්බන්ධයෙන් සිදුකළ ප්‍රතිකාර වලට අදාල ලේඛන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂ වරයා වෙත නියෝගයක් නිකුත් කරනු ලැබුවා.

තවත් ඉල්ලීමක් ඉදිරිපත් කළ ජනාධිපති නීතිඥවරයා දිනේෂ් ශාෆ්ටර්ගේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකල අවස්ථාවේදී සහ ඊට පෙරත් කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරියෙකු සහ බොරැල්ල පොලිසියේ මොකෝ නිලධාරීන් විසින් ඡායාරූප ලබාගෙන තිබෙන බව සඳහන් කළා.

එම ඡායාරූප සංයුක්ත තැටියකට ඇතුළත් කොට අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස එම ආයතන වෙත නියෝග නිකුත් කරන ලෙස ජනාධිපති නීතිඥවරයා ඉල්ලා සිටියා.

එම ඉල්ලීම ද පිළිගත් අතිරේක මහේස්ත්‍රාත්වරිය අදාළ ඡායාරූප හෝ වීඩියෝ දර්ශන තිබේ නම් ඒවා සංයුක්ත තැටියකට ඇතුළත් කොට අධිකරණය වෙත ඉදිරිපත් කරන්නැයි එම ආයතනවලට නියෝග කර සිටියා.

විමර්ශන සිදුකරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් අපරාධය සිදු වූ ස්ථානයේ තිබී ආගන්තුක ජෛව සාම්පලයක් සොයා ගෙන ඇති බවත් ඒවා එම ස්ථානයට පැමිණි පුද්ගලයින් හා සැසඳේ ද යන්න පිළිබඳව විමර්ශන සිදුකිරීම සඳහා නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටියා.

එම ඉල්ලීම පිළිගත් මහේස්ත්‍රාත්වරිය අදාළ ජෛව සාම්පල සහ එම පරීක්ෂණයට භාජනය කිරීමට නියමිත පුද්ගලයින් රජයේ රස පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමුකර විමර්ශන සිදුකිරීම සඳහා අවශ්‍ය නියෝගය නිකුත් කළා.

ඉන් අනතුරුව මෙම සිද්ධියට අදාළ නඩු කරය ලබන 17 වනදා කැදවීමට නියෝග කෙරුණා.