29.5 C
Colombo
Monday, June 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsචන්ද්‍රිකාට එරෙහිව ලන්ඩනයේ විරෝධතාවක්

චන්ද්‍රිකාට එරෙහිව ලන්ඩනයේ විරෝධතාවක්

ලන්ඩන් ආර්ථික විද්‍යා පාසලේ දකුණු ආසියා මධ්‍යස්ථානය විසින් සංවිධානය කරන ලද උත්සවයකට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගට ආරාධිත අමුත්තා ලෙස ආරාධනා කිරීම සම්බන්ධයෙන් දෙමළ ශිෂ්‍ය සංවිධාන කිහිපයක් විරෝධය පළ කර තිබේ.

ශ්‍රී ලංකාවේ 75 වැනි නිදහස් දිනය නිමිත්තෙන් ‘Ceylon to Sri lanka’ යන මැයෙන් මෙම උත්සවය 16 වැනිදා සංවිධානය කර ඇත.

මෙම උත්සවය සඳහා ආරාධිතයා ලෙස ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගට ආරාධනා කර තිබේ. මෙම ආරාධනයට විරෝධය පළ කරමින් විවිධ ශිෂ්‍ය සංවිධානවල අත්සනින් යුතුව දෙමළ තරුණ සංවිධානය ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කර තිබේ.

1995 නාවික දේවස්ථාන බෝම්බ ප්‍රහාරය, 1995 නාගර්කෝවිල් පාසල් සමූල ඝාතනය, 1996 කුමාරපුරම් ඝාතනය, 1998 තම්බලගාමම් ඝාතනය, 1999 පුදුකුඩිඉරුප්පු ඝාතනය ඇතුළු ද්‍රවිඩ ජනතාවට එරෙහි ම්ලේච්ඡ ක්‍රියා කිහිපයක් උපුටා දක්වමින් ශ්‍රී ලංකාවේ අර්බුදය ගැන කතා කිරීමට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකාට ආරාධනා කිරීම ශිෂ්‍ය සංවිධාන දැඩි ලෙස හෙළා දැක ඇත.