27.2 C
Colombo
Thursday, July 17, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවී මිලදී ගැනීමට අදාළව නව චක්‍රලේඛයක්

වී මිලදී ගැනීමට අදාළව නව චක්‍රලේඛයක්

රජයේ වී මිලදී ගැනීමේ සහ වී තොග බැහැර කිරීමේ වැඩසටහනට අදාළව මහා භාණ්ඩාගාරය විසින් චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් පරිදි භාණ්ඩාගාර ලේකම් කේ. එම්. මහින්ද සිරිවර්ධනගේ අත්සනින් යුතුව මෙම චක්‍රලේඛය නිකුත් කර ඇත.

මෙම වැඩසටහනේ අරමුණ වන්නේ 2022/2023 මහ කන්නයේ වී අස්වැන්න සඳහා ගොවීන්ට සාධාරණ මිලක් ලබාදීමත්, අතිරික්තය රජය විසින් මිලදී ගැනීමත්, පවතින දුෂ්කර ආර්ථික තත්ත්වය හමුවේ පීඩාවට පත්ව සිටින අඩු ආදායම්ලාභී පවුල් වෙත සහන සැලසීමයි.