29 C
Colombo
Sunday, July 27, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportශ්‍රී ලංකා ක්‍රීඩිකාවකට ICCයෙන් දඩයක්

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවකට ICCයෙන් දඩයක්

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ කඩුලු රකින්නිය වන අනුෂ්කා සංජිවනිට තරග ගාස්තුවෙන් 15% ක දඩයක් පනවා තිබෙනවා.

ඒ ජාත්‍යන්තර ක්‍රිකවි කවුන්සිල චර්යාධර්ම සංග්‍රහයේ 1 වන මට්ටමේ‍ චර්යාධර්ම කඩ කිරීමක් හේතුවෙනි.

2023 ජාත්‍යන්තර ක්‍රිකටි කවුන්සිල T20 ලෝක කුසලාන තරගාවලියේ බංග්ලාදේශයට එරෙහිව පැවති තරගය අතරතුරදී මෙම චර්යා ධර්ම උල්ලංඝණය කිරීම සිදු වුනා.

මෙහි දි චර්යාධර්ම සංග්‍රහයේ 2.5 වගන්තිය උල්ලංඝණය කිරීම් සමිබන්ධයෙන් සංජිවන වරදකාරිය වූ අතර, පිතිකරුවෙකු දැවි යාමේදි ක්‍රීඩකයින සහ ක්‍රීඩක
සහායක පිරිස් සඳහා වෙත කිසියමි භාෂාවක්, ක්‍රියාවක් හෝ අභිනයක් භාවිතා කිරීමට අදාළ වරදක් ඇය සිදු කර තිබෙනවා.

ඊට අමතරව සංජීවනිගේ විනය වාර්තාවට එක් අප්‍රසාද ලකුනක් ද එකතු කර තිබෙනවා.

බංගලාදේශ ඉනිමෙ 10 වැනි ඕවරයේදී සෝහනා මොස්ටාරි දැවි යාමෙන් පසු සංජිවනි පිතිකාරිනිය දෙසට ආක්‍රමණශීලි ලෙස
දිව ගොස් සිදුකළ සැමිරිම්, කිසියම් භාෂාවක්, ක්‍රියාවක් හෝ අභිනයක් භාවිතා කිරීමෙන් සිදු කෙරෙණ වරදක් ලෙසටයි ජාත්‍යන්තර ක්‍රිකටි කවුන්සිලය තිරණය කර ඇත්තේ.

කෙසේ වෙතත් එමිරේවිස් ජාත්‍යන්තර තරඟ තීරක මණ්ඩලයේ GS ලක්ෂ්මි ඉදිරියේ අනුෂ්කා සංජීවනි මෙම ක්‍රියාව පිළිබඳ වරද පිළිගත් නිසා ඒ පිළිබඳ වැඩිදුර විභාගයක් අවශ්‍ය නොවන බවයි වාර්ථා වන්නේ.