30.6 C
Colombo
Saturday, July 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඌරගස්මංහන්දියේ වෙඩි තැබීම ගැන පුළුල් විමර්ශන

ඌරගස්මංහන්දියේ වෙඩි තැබීම ගැන පුළුල් විමර්ශන

ඌරගස්මංහන්දිය, හිපන්කන්ද ප්‍රදේශයේ ඊයේ (14) රාත්‍රියේ වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීම මත්ද්‍රව්‍ය ජාවාරම හා සම්බන්ධ අපරාධයක් ද යන්න පිළිබඳව විමර්ශන සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව පවසනවා.

අද (15) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව සඳහන් කළා.

මුදල් හුවමාරු ක්‍රමයට මුදල් ගනුදෙනු කිරීමට බව පවසමින් වෙළෙඳසැලට පැමිණි පුද්ගලයෙකු මෙම වෙඩිතැබීම සිදුකර පලාගොස් තිබුණා. මේ සඳහා අපරාධකරුවන් යතුරුපැදියකින් පැමිණ ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ඊයේ රාත්‍රියේ සිදුකළ මෙම වෙඩි තැබීමෙන් ඝාතනය ලක්ව ඇත්තේ 45 හැවිරිදි හිපන්කන්ද, නවදගල ප්‍රදේශයේ පදිංචි අයෙක් බවයි වාර්තා වුණේ.

මෙම පුද්ගලයා 06 කණුව ප්‍රදේශයේ ලිහිසි තෙල් අලෙවිකරණ වෙළඳසැලක් පවත්වාගෙන ගිය අයෙක් බවයි පොලිසිය පැවසුවේ.