28.4 C
Colombo
Friday, June 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldගුවන්යානා 470ක් මිලදී ගැනීමට ඉන්දියාව සූදානමින්

ගුවන්යානා 470ක් මිලදී ගැනීමට ඉන්දියාව සූදානමින්

ඉන්දියාවේ විශාලතම ජාත්‍යන්තර ගුවන් සේවය වන එයාර් ඉන්දියා සමාගම බෝයිං සහ එයාර්බස් මගී ගුවන් යානා 470ක් සඳහා ඇණවුම් නිකුත් කර තිබෙනවා.

මේ අනුව ඩොලර් බිලියන 34ක වටිනාකමකින් යුත් බෝයිං ගුවන් යානා 220ක් සහ යුරෝපීය ගුවන් යානා නිෂ්පාදක එයාර්බස් සමාගම වෙතින් මගී ජෙට් යානා 250ක් මිලදී ගැනීමටයි සැලසුම් කර ඇත්තේ.

ඉන්දියාව අභ්‍යන්තර ගුවන් ගමන් වෙනුවෙන් මෙම යානා මිලදී ගනු ලබන අතර බෝයිං සහ එයාර්බස් ගුවන් යානා විශාල සංඛ්‍යාවක් මිලදී ගන්නා පළමු අවස්ථාව ලෙසටයි මෙය සැලකෙන්නේ.