27.8 C
Colombo
Thursday, July 17, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඡන්දය කල් දැමීම IMF සාකච්ඡාවලට අහිතකර ලෙස බලපාවි

ඡන්දය කල් දැමීම IMF සාකච්ඡාවලට අහිතකර ලෙස බලපාවි

මෙතෙක් කල් ලංකාවේ මැතිවරණ පැවැත්වී ඇත්තේ ණය පදනම මත බවත් මුද්‍රණාලය මැතිවරණයට පෙර සියලු මුදල් ඉල්ලා සිටීම ඉතිහාසයේ කිසිදු දිනෙක සිදුව නැති බවත් පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පැවසීය.

හෙතෙම මේ බව සඳහන් කළේ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා කියා සිටියේ මෙය සල්ලි ප්‍රශ්නයක් නොව දේශපාලන ප්‍රශ්නයක් බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාකච්ඡා සදහා මෙය අහිතකර ලෙස බලපානු ඇති බවත්ය.