31.1 C
Colombo
Wednesday, August 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldනවසීලන්තයේ ප්‍රබල භූ කම්පනයක්

නවසීලන්තයේ ප්‍රබල භූ කම්පනයක්

නවසීලන්තයේ වෙලින්ටන් නුවර ආශ්‍රිතව ප්‍රබල භූ චලනයක් සිදුවී තිබෙනවා.

එය රික්ටර් මාපකයේ සටහන් වී ඇත්තේ ඒකක 6.0ක් ලෙසටයි. භූමිකම්පාව තත්පර 30ක පමණ කාලයක් පැවති බවයි වාර්තා වන්නේ. මෙම භූමිකම්පාව රාත්‍රී 7.38 ට paraparaumu සිට කිලෝමීටර 50ක් පමණ වයඹ දෙසින් කිලෝමීටර් 48ක් ගැඹුරින් සිදු වූ බව සඳහන්.

ඕක්ලන්ඩ් මෙන්ම ක්‍රයිස්ට්චර්ච් ඇතුලු උතුරු සහ දකුණු දූපත් දෙකෙහිම පුද්ගලයින් 70,000කට වැඩි පිරිසකට භූමිකම්පාව දැනුණු බව වාර්තා වනවා. කෙසේවෙතත් මෙමගින් සුනාමි තර්ජනයක් නොමැති බවයි නවසීලන්ත ජාතික හදිසි කළමනාකරණ ඒජන්සිය දැනුම්දී ඇත්තේ.

මෙම ප්‍රධාන කම්පනයෙන් පසු, රිච්ටර් මාපක 4.0ක භූමිකම්පාවක් ද සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා. වෙලින්ටන් ප්‍රදේශයේ හදිසි කළමනාකරණ කාර්යාලය පැවසුවේ මෙවැනි පසු කම්පන අපේක්ෂා කළ හැකි බවයි.