පොලිස් නිලධාරීන් සිව්දෙනෙකුට හම්බන්තොට මහ අධිකරණය මඟින් අද (15) මරණ දණ්ඩනය නියම කර තිබෙනවා.
2005 වර්ෂයේ තිස්සමහාරාම ප්රදේශයේදී සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට යාමේදී වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් මොවුන්ට එරෙහිව චෝදනා එල්ල වී තිබුණා.
මෙලෙස මරණීය දණ්ඩනය නියම වූ පොලිස් නිලධාරීන් අතර හුංහම පොලිස් ස්ථානයේ හිටපු අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ද සිටින බවයි වාර්තා වුණේ.