― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsබීමතින් පවුලක් යට කළ රියදුරා අත්අඩංගුවට

බීමතින් පවුලක් යට කළ රියදුරා අත්අඩංගුවට

අනුරාධපුර – ත්‍රිකුණාමලය ප්‍රධාන මාර්ගයේ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තවත් පස්දෙනෙක් බරපතළ තුවාල ලබා ඇති බව පොලීසිය පවසයි.

මෙම රිය අනතුර කහටගස්දිගිලිය නගර ආසන්නයේ, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අසළදී සිදු වී ඇති අතර බරපතළ තුවාල ලැබූ පස්දෙනා රෝහල්ගත කර ඇති බවයි වාර්තා වන්නේ.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ කහටගස්දිගිලිය ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි දෙදරු පියෙක් බවයි පොලීසියට අනාවරණය වී ඇත්තේ.

අනුරාධපුර ත්‍රිකුණාමලය මාර්ගයේ කහටගස්දිගිලිය නගර ආසන්නයේ පිහිටි තුරු සෙවණ නැමැති ස්ථානයේදී මෝටර් රථය රාත්‍රී කාලයේ කාර්මික දෝෂයට ලක්ව ඇති අතර පසුව කාර්මික දෝෂය ඇති වූ රථයේ රියදුරුගේ දැනුම්දීමකට අනුව මෝටර් රථ කාර්මිකයකු වන ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයා සිය පුතා සමග මෝටර් රථය සෑදීමට එම ස්ථානයට පැමිණ ඇති බව කහටගස්දිගිලිය පොලීසිය පවසයි.

එම අවස්ථාවේ මෝටර් රථයේ හිමිකරු, ඔහුගේ බිරිඳ හා තවත් කුඩා දරුවෙක් ඒ අසළ සිට ඇති බව මූලික පරීක්ෂණයේදී අනාවරණය වී තිබේ.

මෝටර් රථය අලුත්වැඩියා කරමින් සිටි අතරතුරදී, වෑන් රථයකින් පැමිණි පුද්ගලයකු ඔහු සමග බහින්බස් වී ඇති අතර එම බහින්බස්වීම දුරදිග යාමෙන් පසු වෑන් රථයේ රියදුරා, මාර්ගයේ ඉදිරියට ගොස් නැවත වෑන් රථය ආපසු හරවාගෙන පැමිණ, කාර්මික දෝෂයට ලක්ව තිබූ මෝටර් රථය අසළ සිටි පිරිස යටකර නොනවත්වා ධාවනය කර ඇති බවයි වාර්තා වන්නේ.

බරපතළ තුවාල ලැබූ තුවාලකරුවන් කහටගස්දිගිලිය රෝහලට ඇතුළත් කර ඇති අතර ඒ වනවිටත් මෝටර් රථ කාර්මික ශිල්පියා මියගොස් සිටි බවයි කහටගස්දිගිලිය පොලීසිය පවසන්නේ.

රියදුරු කහටගස්දිගිලිය පොලීසිය අත්අඩංගුවට ගෙන ඇති අතර අත්අඩංගුවට ගැනීමෙන් පසු කළ පරීක්ෂණවලින් හෙළිව ඇත්තේ වෑන් රථයේ රියදුරු බීමත්ව වෑන් රථය පදවා ඇති බවයි.