29.5 C
Colombo
Friday, May 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsHealthළමා පිළිකා රෝගීන්ගේ වැඩිවීමක්

ළමා පිළිකා රෝගීන්ගේ වැඩිවීමක්

වාර්ෂිකව මෙරට ළමුන් 900 ක් පමණ පිළිකා රෝගයට ගොදුරු වන බව ජාතික පිළිකා මර්දන ව්‍යාපාරය පවසයි.

ඉන් බහුතරයක් ලේ පිළිකාව හෙවත් ලියුකෙමියාවට ගොදුරු වන බවත් මීට අමතරව අස්ථි ආශ්‍රිත, මොළය ආශ්‍රිත වැනි පිළිකා ළමුන් අතර බහුලව වාර්තා වන බවයි විශේෂඥ වෛද්‍ය සුරාජ් පෙරේරා පවසන්නේ.

වෛද්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේ බොහෝ ළමුන් අතර වාර්තා වන පිළිකාවල රෝග ලක්ෂණ මුල් අවස්ථාවේදී හඳුනාගෙන නිසි ප්‍රථිකාරවලට යොමු වුණ හොත් සුව කළ හැකි බවයි.

එමෙන්ම අදට යෙදෙන ජාත්‍යන්තර ළමා පිළිකා දිනය නිමිත්තෙන් පිළිකා රෝගය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මකය.