27.8 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමුදල් අමාත්‍යාංශ ලේකම් මැතිවරණ කොමිසමට කැඳවයි

මුදල් අමාත්‍යාංශ ලේකම් මැතිවරණ කොමිසමට කැඳවයි

මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා මැතිවරණ කොමිසම හමුවට කැඳවන බව එහි සභාපති නීතිඥ නිමල් පුංචිහේවා පවසනවා.

මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ප්‍රකාශ කළේ පළාත් පාලන මැතිවරණය සඳහා කොමිසම ඉල්ලු මූල්‍ය ප්‍රතිපාදන මෙතෙක් ලබානොදීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ඔහු මෙලෙස කොමිසම හමුවට කැඳවන බවයි.

ඒ අනුව දැනට පවතින ගැටලු නිරාකරණය කර ගැනීමට හැකිවනු ඇති බවයි ඔහු විශ්වාසය පළ කරන්නේ. මේ අතර රජයේ මුද්‍රණලයාධිපතිනිය සමඟ ද මැතිවරණ කොමිසම සාකච්ඡා කර තිබෙනවා.

එහිදී මැතිවරණ කොමිසම විසින් ඇයට පෙන්වා දී ඇත්තේ, ව්‍යවස්ථාපිත කරුණක් බැවින් ඡන්ද පත්‍රිකා කඩිනමින් තමන් වෙත භාරදීමේ ඇති වගකීම පහදා දුන් බවයි.