27 C
Colombo
Sunday, April 20, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsඇන්ටාක්ටිකාවේ ග්ලැසියරයක් වේගයෙන් දියවීමට පටන් ගනී - විද්‍යාඥයන්ගෙන් අනතුරු ඇඟවීමක්

ඇන්ටාක්ටිකාවේ ග්ලැසියරයක් වේගයෙන් දියවීමට පටන් ගනී – විද්‍යාඥයන්ගෙන් අනතුරු ඇඟවීමක්

ඇන්ටාක්ටිකාවේ යෝධ ග්ලැසියරයක් වේගයෙන් දියවීමට පටන් ගෙන ඇති බැවින්, සාගර ජල මට්ටම මීටර් 3 කින් පමණ ඉහළ යනු ඇතැයි ඇමෙරිකන් සහ බ්‍රිතාන්‍ය විද්‍යාඥයෝ අනතුරු අඟවති.

දියවීමට පටන්ගෙන ඇත්තේ, කිලෝ මීටර් 120 ක් පළල ‘ත්වේට්ස්’ නමැති යෝධ ග්ලැසියරයයි. විද්‍යාඥයෝ මෙය ‘ලෝකාවසාන ග්ලැසියරය’ යන නමින් ද හඳුන්වති. ග්ලැසියරය දියවීමට පටන්ගෙන ඇත්තේ, ගෝලීය උණුසුම ඉහළ යෑමේ අනිසි ප්‍රතිඵලයක් නිසාය.

ඇමෙරිකා සහ බ්‍රිතාන්‍ය විද්‍යාඥයන් එක් වී ග්ලැසියරය සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇත්තේ 2019 වසරේ සිටය.  සාගර ජල මට්ටම ඉහළ යෑම මාලදිවයින් වැනි කුඩා දූපතවලට තර්ජනයක් වෙයි.

ඇමෙරිකන් සහ බ්‍රිතාන්‍ය විද්‍යාඥයන් ‘අයිස්ෆින්’ නැමති රොබෝ කුමුඳුව (කුඩා සබ්මැරීනය) යොදා ගනිමින්, මෙම ග්ලැසියරය ගවේෂණය කර ඇතැයි විදෙස් මාධ්‍ය පවසා තිබේ