29 C
Colombo
Thursday, February 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsහිටපු ජනපති ගෝඨාභය රටින් පිටවෙයි

හිටපු ජනපති ගෝඨාභය රටින් පිටවෙයි

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ඔහුගේ බිරිඳ අයෝමා රාජපක්ෂ අද දින අලුයම චීනය බලා පිටත්ව ගොස් තිබෙනවා.

චීනයට යාම වෙනුවෙන් ඔවුන් දෙදෙනා මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් ඇති බවයි ගුවන් තොටුපළ ආරංචි මාර්ග සදහන් කළේ.

අද අලුයම 12.25 ට මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර බලා මැලේසියානු ගුවන් සේවයේ MH- 178 දරන ගුවන් යානයෙන් ඔවුන් මෙලෙස පිටත්ව ගොස් තිබෙනවා.

හිටපු ජනාධිපතිවරයා සහ බිරිඳ කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ ශ්‍රී ලංකාවෙන් පිටත්ව යාම සදහා ගුවන් තොටුපලේ ගුවන් භාණ්ඩ පර්යන්තය භාවිතා කර ඇති බව ගුවන් තොටුපළ ආරංචි මාර්ග සදහන් කළා.

හිටපු ජනාධිපතිවරයාට සිය ගමන සඳහා කටුනායක ගුවන් තොටුපළ තුළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය ඔස්සේ (V.I.P. Lounge), මුදල් ගෙවා ලබා ගත හැකි සිල්ක් රූට් හෝ ගෝල්ඩ් රූට් පහසුකම් මධ්‍යයේ මෙන්ම එසේ නැතිනම් සාමාන්‍ය ගුවන් මගී පර්යන්තය ඔස්සේ පිටත්ව යාමට පහසුකම් තිබියදීත්, කටුනායක ගුවන් තොටුපළ ගුවන් භාණ්ඩ පර්යන්තය ඔස්සේ පිටත්ව ගොස් ඇති බවයි ගුවන් තොටුපළ ආරංචි මාර්ග වැඩිදුරටත් ප්‍රකාශ කළේ.